තිස් වසරක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට
තිත තබමින් මහින්ද රාජපක්ෂ මහතා මෙරට ඉතිහාසයට එක්වූයේ රට එක්සේසත් කළ නායකයකු
ලෙසිනි. ඉන් අනතුරුව වත්මන් ආණ්ඩුව රටේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද අතර ඔවුන් වැඩි
අවධානයක් යොමුකරනු ලැබුවේ භෞතික සංවර්ධනයටය. ඒ අනුව අධිවේගී මාර්ග, වරාය සහ
ගුවන්තොටුපල මෙන්ම තවත් බොහෝ ව්‍යාපෘති එමගින් ඇරඹිණ. ඒ අතරතුර ඒ සඳහා විදේශ රට
වලින් අධික පොලී වාණිජ ණය ලබා ගනු ලැබුවේ අසීමිතවය. එවැනි අධීක ණය ලබාගැනීමේදී ව්‍යාපෘති
වල ශක්‍යතාවය අධ්‍යනය කළ යුතු වුවත් එම ව්‍යාපෘති සඳහා ඒකාබද්ධ සැලැස්මක් නොමැති
වීම විශාල ගැටලුවකි. උදාහරණයක් ලෙස හම්බන්තොට වරාය නිසි ක්‍රියාකාරීත්වයකින්
නොමැතිවීම රටේ ආර්ථිකයට විශාල බලපෑමකි. එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ගය සාර්ථක වීම යම්
පමණක අස්වැසිල්ලකි.
රටක සංවර්ධනය යනු භෞතික සංවර්ධනය පමණක්
නොවන අතර සංවර්ධනයේ ප්‍රධානම තැනක් ගන්නේ අධ්‍යාපනයයි. නිසි අධ්‍යාපනයක් නොලැබූ
ජනතාවක් සංවර්ධනය කරා ගෙන යන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. රටේ පාලන තත්ත්‍රය සඳහා
කිසිදු සමාජ දැනුමක් නොමැති වංචාකාරී පුද්ගලයන් පත්කරන්නේ ජනතාව තුල පවතින අඩු අධ්‍යාපනය
නිසාවෙනි. අවම වශයෙන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යුහය සහ ආණ්ඩුවක් සහ රජය යනු
කුමක්දැයි අවබෝධයක් නොමැත. රජයට ආදායම් ලැබෙන්නේ කෙසේද යන්න සහ රජය සියලු වියදම්
සිදුකරන්නේ ජනතාවගෙන් උපයාගෙන බව ඔවුනට අවබෝධයක් නැත. එබැවින් මැති ඇමතිවරුන්
පිළිබඳ ඔවුන් සලකන්නේ වීරත්වයෙනි.
ආණ්ඩුව තම දැක්ම අනුව සංවර්ධන ගමන යද්දී රටේ
කොඳු නාරටිය බඳු නීතිය පිලිබඳ තැකීමක් කළේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය
දූෂණයට ලක්කරමින් ඔවුන් බොහෝවිට නීතියේ ආධිපත්‍ය විනාශ කළහ. තම හිතවත් කම අනු
වරෙන්තුකරුවන් පෙනි පෙනී අත් අඩංගුවට නොගැනීම, රජයට පක්ෂපාතීත්වය දැක්වූ පසු ස්ත්‍රී
දූෂණ නඩු පවා නීතිපතිවරයා ලවා ඉවත්කරගැනීම මෙන්ම දේශපාලකයන් බොහෝදෙනා කෙරෙහි නීතිය
වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නීතියේ බිඳවැටීමට විශාල වශයෙන් හේතුවිය. රජයේ
ආයතන ගණනාවක විවිධ වංචා දූෂණ සිදුවෙද්දී රටේ නායකයන් ඒවා නොදුටුවා සේ සිටීමත්
හඳුනාගත් වැරදිකරුවන් හට නිසි දඬුවම් ලබා නොදීමත් රාජ්‍ය සේවයේ පවතින දූෂණ සහ අක්‍රමිකතාවලට
තවත් පිටිබලයක් විය.
පෞද්ගලික අංශය විසින් ගිලගනිමින් පවතින ප්‍රවාහන
සේවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ තවත් බොහෝ සේවා කෙරෙහි වත්මන් ආණ්ඩුව නිසි අවධානයක්
යොමුකරනු ලැබුවේ නැත. දිගුකාලීන ජාතික සැලසුම් තුලින් ගොඩගත යුතු එකී සේවාවන් තවත්
වලටම වැටුනා මිස ඒ සඳහා නිසි පිළියම් ලැබුනේ නැත. අධ්‍යාපනය උපකාරක පන්තියටත් සෞඛ්‍යය
පෞද්ගලික රෝහලටත් යොමුවන කාලයක රටේ ජනතාවගෙන් අයකළ බදු මුදල්ද යොදවන්නේ නිසිලෙස
නොලැබෙන සේවාවන්ටය. ජනතාව රජයට බදුත් ගෙවා පෞද්ගලික රෝහලේ බිලත් ගෙවිය යුතුය.
උපකාරක පන්ති ගාස්තුවත් ගෙවිය යුතුය. මේ තත්වය දිගට පවත්වාගෙන යාම තුලින් පැහැදිලි
වන්නේ වත්මන් ආණ්ඩුවට ඒ පිලිබඳ දීර්ඝකාලීන දැක්මක් නොමැති බවය. යෝධ සංස්කරණයක්
තුලින් රටට ප්‍රාඥයන් බිහිකරන යුගයකට අධ්‍යාපනය රැගෙන යන්නට නව දේශපාලන ධාරාවක්
අවශ්‍යමය. එයට මුදල් සහ භෞතික සම්පත් වෙනුවෙන් දේශපාලනය නොකරන අවංක බුද්ධිමතුන්
පිරිසක් අවශ්‍යය.
තම පුද්ගලික අරමුණු පසෙක තබා රටේ පොදු
යහපත වෙනුවෙන් ජනතා බලයෙන් පත්වන ඉදිරි නායකයකුට මූලික වශයෙන් අභියෝග රැසකට
මුහුණදීමට සිදුවේ. රටේ නීතිය ශක්තිමත් කොට එය දේශපාලන බලපෑමෙන් මුදවා ගැනීමත්
භෞතික සංවර්ධනයෙන් ඔබ්බට ගොස් මානව සංවර්ධනය රටේ ප්‍රධාන සංවර්ධන දැක්ම බවට
පත්කිරීම කළ යුතු ප්‍රධාන කාර්යයි. විශාල විදේශ ණය ප්‍රමාණයක් ලබාගනිමින් හම්බන්තොටට
කේන්ද්‍රගත කළ ලංකාවේ දෙවන ජාත්‍යන්තර වෙලඳ නගරය සඳහා ක්‍රියාකාරී සැලැස්මක්
සකස්කොට එය යථාර්ථයක් බවට පත්කිරීම එහි එක් අංගයකි. එමගින් ණය ආපසු ගෙවීම් සඳහා
රටේ ආර්ථිකයට දරන්නට වන බර අඩුවනවා සේම ආර්ථිකයද ශක්තිමත් වීම සිදුවේ. එබැවින් ඉදිරියේ
බිහිවන ජනතා නායකයකුට ඉහත කී කාරණාද ඇතුලුව රාජ්‍ය සේවය අකාර්යක්ෂමතාවයෙන් හා
දූෂණයෙන් මුදාගැනීම, සෞඛ්‍ය සේවය විධිමත් කිරීම, අධ්‍යාපනය වත්මනට ගැලපෙන ලෙස
යාවත්කාල කිරීම සහ දේශපාලන ධාරාව සුබවාදී මාවතකට යොමූකිරීම වැනි අභියෝග රැසකට මුහුණදීමට
සිදුවේ.
සංවාදයට විවෘතයි

